ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

Read More

මායා

...
Read More

මතක මන්දිර

...
Read More

විසල් අහසේ උමතු වූ මේඝාව

...
Read More

වියවුල් සේයා රූ

...
Read More

මිහිදුම් පවුරු

...
Showing posts with label maaya. Show all posts
Showing posts with label maaya. Show all posts

මායා අවසාන කොටස

ඇය එහි යනවිටත් සොහොන් කොත ඉදිරිපිට පහන් දැල්වී තිබිණි. ඔහු එය අසල සිටියේය.
විකුම් .... ඔයා?”
මම බලාපොරොත්තු වුණා ඔයා අදත් කොයි මොහොතක හරි මෙතනට එයි කියලා
ඇයි?”
ඒක දෙයක් මට හරිම පැටලිලි සහගතයි මායා. එයාට පිළිකාවක් තියෙනවයි කියලා ඔයාලා කලින් දැනගෙන හිටියා නම්, එයා කොහොමත් මැරෙන්නයි හිටියෙ කියලා ඔයාලා දන්නව නම් ..... ඇයි ..... ඇයි ඔයා එයාට වකුගඩුවක් දන් දුන්නෙ? මම .... මමත් කාටහරි හොඳක් වෙනව නම් කැමතියි තමයි. ඒත් ඔය වගේ පරිත්‍යාගයක් .......... ඒ පරිත්‍යාගයෙන් වැඩක් නොවන බව  දැන දැනත් මම නම් කවදාවත් එහෙම නොකරාවි. මට එහෙම කරන්නත් බැහැ.”
ඇය සිනාසුණාය. නමුත් කිසිවක් නොපැවසුවාය.
ඔයා මහ පුදුම කෙල්ලෙක්. මට හිතාගන්නවත් බැහැ ඔයා ගැන. අනේ මන්දා ....... පිස්සු කෙල්ල!”
ඔයාට ඒවා තේරෙන්නෙ නෑ විකුම්.ඇය සිනාසෙමින් පැවසුවාය.
ඉතින් තේරුම් කරන්න . විහිළු නෙමෙයි මායා .... මට ඇත්තටම දැනගන්න ....... මේක ඔයාගෙ ජීවිතේ!”
ඔව් - ඒත් මට ජීවත් වෙන්න තව ඕනතරම් කාලයක් තියෙනවා. ඒත් එයාට තිබුණෙ මාස 3යි ..... වකුගඩුවක් නරක්වෙලා නිසා එයාට ඒ කාලයත් අහිමි වෙන්න ගියෙ. ඒත් එයාගෙ බලාපොරොත්තු අමිලයි ..... කාලයට නවත්තන්න බැහැ. මට එයාට ජීවිතයක් දෙන්න ඕන වුණා. මම ඒක කළා. ඒත් එයා අන්තිම කාලෙ ගෙව්වෙ මගෙ වකුගඩුවෙන් බව එයාවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් නැතිවෙච්ච දේට වඩා ආත්ම තෘප්තියක් මං ලබා ගත්තා. ඔයාට ඒක දැනෙනවද විකුම්?”
ආයේ ජීවිතේට වත් කිසිම දවසක මම ඔයාට ඔහොම පරිත්‍යාගයක් කරන්න දෙන්නෙ නෑ.” විකුම් කෝපයෙන් ඉවත බලාගෙන පැවසුවේය.
ආයෙ මං කරන්නෙත් නෑ. මටත් බලාපොරොත්තු තියෙනවා. මමත් ලෝබයි මගේ ජීවිතේ ගැන!” අහිංසකව සිනාසෙමින් ඇය පැවසුවාය.‍
මේ මොහොතේම ඔහුගේ ජංගම දුරකථනය නාද විය.
කියපන් කල්ප
කොහෙද මැට්ටො ඉන්නෙ? උදේ ඉදන් කතා කරන්න  ට්‍රයි කරන්නෙ. ඔෆිස් එනවා කියලා ගෙදරින් ඇවිත් කොහෙද ගියෙ. කෝටි පහක ඩීල් එක සයින් නොකර ...... අන්න අමුත්තෝ බලන් ඉදලා යන්න ගියා. බලපන් කොච්චර පාඩුවක්ද වුණෙ. අංකල්ට යකා නැඟලා. ඉන්න තැනකින් වරෙන්.”
මට ඒ පාඩුව දැනෙන්නෙ නෑ කල්ප. ඒ මං ජීවිතය හොයන් ආපු නිසා ..... “
මෙසේ පැවසූ විකුම් දුරකථනය විසන්ධි කර දැම්මේය.
ඔයාට මං වෙනුවෙන් තවත් එක පරිත්‍යාගයක් කරන්න පුළුවන්ද මායා ....... මටත් ජීවත් වෙන්න ඕන. ඔයා මගෙ ජීවිතේට ආපු දවසෙ ඉඳන් මම ජීවත් වුණා ....... මම ඔයාට වෛ කළා. ඒත් දැන් මට ආදරය කරන්න ඕන. මට ඔයාව ඕන. මායා. මං ජීවිතේ හොයා ගත්තා!” ඇයගේ දෑතම ගෙන, ඒ දෑත මත රන් මුදුව තබමින් ඔහු පැවසුවේය. ඇගේ දෑස් නැවතත් බොඳ වී ගියේය. ඒ බොඳ වූ දෑස් තුළින් ඇය ඔහුගේ දෑස් වල වූ පැහැදිලි බලාපොරොත්තුව දුටුවාය. ඒ නම්  


මායාවක් නොවන්නේමය!

නිමි.
Read More

මායා 11 වන කොටස

මගෙ හිත පිච්චිලා ගියා එයාව මතක් වෙද්දි. ඒත් ඒ මතකයන් එක්ක හැමවෙලේ ඔයාගෙ මතකෙ බැඳිල තිබුණා. මම ඔයාව විශ්වාස කළ තරමට ඔයා මාව රැවට්ටුවා කියන එක පිළිගන්න මට ගොඩක් අමාරු වුණා. අන්තිමට මම තේරුම් ගත්තා වෙච්ච කිසිම දේකට ඔයාගෙ වරදක් නැති බව. ඒත් මොකද මන්දා ......ආයෙ ඔයාව මුණ ගැහෙන්න එන්න ශක්තියක්වත් ඇත්තටම කැමැත්තක්වත් මට තිබුණෙ නෑ. ඒත් කවදාවත්ම ඔයාව අමතක කරන්නත් මට පුලුවන් වුනේ නැහැ.කොච්චර උත්සහ ගත්තත් ඔයා මගේ හිත පුරාම හිටියා....මායාවක් වගේ. ඒන්ජල් ...... ඇත්තටම මම ඔයාගෙ ඒ යාළුවගෙ ඇත්ත නමවත් දන්නෙ නෑ. තවමත් එයාව මං දැකපු මුල්ම දවස ගැන මිහිරි මතකයක් මගේ හිතේ තියෙනවා. එයා යන්තම් ඡායාවක් වගේ ......”
එයා කොහොමටත් දැන් ඡායාවක් තමයි. අද මේ ඉටිපන්දම් පත්තු වෙන්නෙ ..... මේ එළිය එයා වෙනුවෙන්. මේ මල් සුවඳ හමන්නෙ එයා වෙනුවෙන්. එයා නිසලවම ඇස් පියාගෙන, සතුටින් නිදි!” මායා සොහොන් කොත දෙස බලා පැවසුවාය.
-න්--ල්?”
ඔව්, එයා ඇත්තටම ඒන්ජල් කෙනෙක්.”
ඒත් මේ දේවල් උනේ කොහොමද?”
එයාට පිළිකාවක් තිබුණා. එයා මාත් එක්ක පුංචි කාලෙ ඉඳලම හිටියා විකුම්. හැම පන්තියකම එකම ළඟ, එකම පේළියෙ වාඩි වුණේ. මටත් වඩා මගේ ගැන, මගේ සිතුම් පැතුම් ගැන එයා දැනගෙන හිටියා. ඉවසගන්න බැරි හිසරදයක් ඇවිත් එයා මෙත්සුවයට ගියේ........ එදයි ඔයා එයාව මුලින්ම දැක්කෙ ..... ඒ සුරංගනාවි ඉස්කෝලේ ළමයි වගයකට කහ ඉරෙන් පාර පනින්න උදව් කරද්දි. දා ඔයා මුලින්ම මාව බලන්න ආපු දවසෙ මං ආවෙ එයාව මුණගැහිලා ...... මං ආවේ ඇස් රතු වෙනකම් අඞලා ...... ඒ එයාට ජීවත්වෙන්න තව ඉතුරු මාස 3 යි කියලා දැනගත්තු නිසා. යාව දාලා මං ආවෙත් නෑවිත් බැරිකමට!
ඔයාගෙ ඒන්ජල් එයයි කියලා දැනගත්තහම මට සතුටුවෙන්න තිබ්බා එයාට ජීවිතයක් තිබුණ නම්. ඒත් ජීවිතයයි - මරණයයි අතර සටනකයි එයා හිටියෙ. ඔයා ගැන එයාට කියලා එයාව රිදවන්නවත්, යා ගැන ඔයාට කියලා ඔයාව රිදවන්නවත් මට ඕන වෙලා තිබුණෙ නෑ විකුම්. එයාට ජීවිතේ ඉතුරු දවස් ගත කරන්න එයාගෙම සැළසුම් තිබ්බා. එයා මරණයට බයවෙලා හිටියෙ නෑ ; මරණය එනකම් බලන් හිටියෙ නෑ. සැහැල්ලුවෙන් ජීවිතය වින්දා. එයයි මට ජීවිතය ගැන ඉගැන්නුවෙ. එයා හරි උතුම්!”
ඔව් ....... ඇයි මට මේ දේවල් කලින් නොකිව්වෙ මායා, ඇයි මේ දුක තනියම වින්දෙ?”
මම අඬන්නෙ නෑ විකුම්. මේ කදුළු උනන්නෙ ඉබේටමයි. ඇහැට ඕ නිසා. හදවතේ වේදනාව කදුළු වලින් මනින්න බෑ.”

මායා ....”
මට සතුටුයි ඔයා එයා ගැන නොහිතපු එක ගැන. ඔයාටත් ලස්සන ලෝකයක්ඇති විකුම්. ජීවිතේ හොයාගන්න. එයා ගැන හොයලා හති වැටුණ දවසට ඔයා එයා ගැන අහන්න මං ළඟට එයි කියලා මං බයේ හිටියෙ. ඔයාට මේ තිත්ත ඇත්ත පහදලා දෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ. ඒත් මේ දේවල් එහෙම නොවුණ එක ගැන මට සතුටුයි.”
දුව .... ඔයා මොකද තවම මෙතන? අතන බලාගෙන ඉදලා නැති නිසයි මම ආවෙ. ..... මේ විකුම් පුතානෙ, මට අඳුනගන්නත් බැරි වුණා. පුතා කෙට්ටු වෙලා.”
එතනට පැමිණි මායාගේ මව පැවසුවාය.
හරියට වැඩ ආන්ටි. මම දැනුත් ඔෆිස් යන ගමන් මායාව දැකලා නැවැත්තුවෙ.”
මං දැක්කා පුතාගෙ වාහනේ පාරේ නවත්තලා තියෙනවා.”
ඔව්, මගේ යාළුවා එතන ඉන්නවා. අපි මේ මායාගෙ නැති වුණ යාළුවා ගැන කතා කර කර හිටියෙ.” මායාගේ මව වැරදි වැටහීමක් ඇති කර ගනීදෝයි සිතා බියෙන් විකුම් පැවසුවේය.
අනේ ඔව් පුතා . තරුණ ජීවිතයක්නෙ. මට නම් මතක් වෙද්දිත් වාවගන්න බැහැ. මගේ දුව වකුගඩුව දීලත් ඒ දරුවව බේරගන්න බැරි වුණානෙ!” ඇය කදුළු අතරින් පැවසුවාය.
අයියෝ අම්මා ..... අඬන්න එපා. ක වකුගඩුවෙන් උනත් මම ජීවත් වෙනවනෙ!”
Read More

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0