“කොහොමද විසල් ඔයාගෙ අතින් අල්ලගෙන හිටියෙ? මට ඒක දකිද්දී හරියට ආස හිතුණා මේඝා. කොa .... කොහොමද?” සඳූ පැවසුවාය.
“ඔයාට ඔහොම හිතුණනම් මට කොහොම දැනෙන්න ඇතිද?”
“මටත් දැන් හිතෙනවා එයා මේඝාට කැමති ඇති කියලා.” තරූ පැවසුවාය.
“අනේ මන්දා. මටත් හිතෙනවා.”
“නැහැ කෞෂි. එහෙම හිතන්න එපා. එයා මට ආදරෙයි නම් එයාට ඕන තරම් අවස්ථාවක් තිබුණා ඒ ගැන මට කියන්න.”
“සමහරවිට එයාට මොකක් හරි අපහසුතාවයක් ඇති.”
“නැහැ සඳූ. මෙච්චර කාලයක්? මම විසල් වුණා නම් මොනම ප්‍රශ්නයක් මතවත් මේඝාව මගෙන් ඈත් කරවන්නෙ නැහැ. ප්‍රශ්නයක් තියෙනවානම් මම කියනවා මං වෙනුවෙන් බලාගෙන ඉන්න කියලා. විසල් කැමති නම් මේඝා එයා වෙනුවෙන් ජීවිත කාලෙම වුණත් බලාගෙන ඉඳීවි.” කෞෂි පැවසුවාය.
“මොනවා වුණත් මේඝාට විසල්ට වඩා දහස් ගුණයකින් හොඳ කොල්ලෙක්ව හොයාගන්න පුළුවන්. ඔයා එයාව අමතක කරන්න මේඝා. එයාට වෛර කරන්න. එතකොට එයාව අමතක කරන්න ලේසියි.” තරුෂි කීවාය.
“වෛරකරන්න? ඇයි?” සඳුනි විමසුවාය.
“බැහැ තරූ. ආදරය කරපු හිතකට කවදාවත් වෛරකරන්න බැහැ.” කෞෂි පැවසුවාය.
“ඒත් අපි මොනව හරි තීරණයක් ගන්නම ඕනනෙ.”
“තීරණයක් ගන්න ඕන තමයි තරූ. කවුරු මොනවා කිව්වත්, කාට මොන විදිහට දැණුනත්, කොච්චර අමුතු වුණත්, තරහ යන විකාර වැඩ කළත් මං එයාට ආදරෙයි. ඒත් නොලැබෙන ආදරයක් ගැන බලාපොරොත්තු තියාගන්න එක වැඩක් නැහැ කියලා මට තේරෙනවා. ඒත් කවදාවත් මම නම් එයාට මේක කියන්න යන්නෙ නැහැ. මේක සදාකාලික රහසක් වෙලා තියෙයි. සමහර විට ඒක දැනගෙන එයා මට fවෙර කරයි. කමක් නෑ, වරදක් නෙමෙයිනෙ. ආදරයට තහංචි දාන්න බැහැ එයාට මගේ හිතට විරුද්ධව! ඒත් මට එයාව එපා තරූ. මං මේ කියන්නෙ අවංකවමයි. ඒ ආදරය ඉපදුණ තැනම වළලලා දානවා. ඒක අපි දෙන්නටම හොඳයි.”
“ඔයාට පුළුවන්ද ඒක කරන්න?”
“ඔව් - මට පුළුවන්.”