ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

මායා 11 වන කොටස

මගෙ හිත පිච්චිලා ගියා එයාව මතක් වෙද්දි. ඒත් ඒ මතකයන් එක්ක හැමවෙලේ ඔයාගෙ මතකෙ බැඳිල තිබුණා. මම ඔයාව විශ්වාස කළ තරමට ඔයා මාව රැවට්ටුවා කියන එක පිළිගන්න මට ගොඩක් අමාරු වුණා. අන්තිමට මම තේරුම් ගත්තා වෙච්ච කිසිම දේකට ඔයාගෙ වරදක් නැති බව. ඒත් මොකද මන්දා ......ආයෙ ඔයාව මුණ ගැහෙන්න එන්න ශක්තියක්වත් ඇත්තටම කැමැත්තක්වත් මට තිබුණෙ නෑ. ඒත් කවදාවත්ම ඔයාව අමතක කරන්නත් මට පුලුවන් වුනේ නැහැ.කොච්චර උත්සහ ගත්තත් ඔයා මගේ හිත පුරාම හිටියා....මායාවක් වගේ. ඒන්ජල් ...... ඇත්තටම මම ඔයාගෙ ඒ යාළුවගෙ ඇත්ත නමවත් දන්නෙ නෑ. තවමත් එයාව මං දැකපු මුල්ම දවස ගැන මිහිරි මතකයක් මගේ හිතේ තියෙනවා. එයා යන්තම් ඡායාවක් වගේ ......”
එයා කොහොමටත් දැන් ඡායාවක් තමයි. අද මේ ඉටිපන්දම් පත්තු වෙන්නෙ ..... මේ එළිය එයා වෙනුවෙන්. මේ මල් සුවඳ හමන්නෙ එයා වෙනුවෙන්. එයා නිසලවම ඇස් පියාගෙන, සතුටින් නිදි!” මායා සොහොන් කොත දෙස බලා පැවසුවාය.
-න්--ල්?”
ඔව්, එයා ඇත්තටම ඒන්ජල් කෙනෙක්.”
ඒත් මේ දේවල් උනේ කොහොමද?”
එයාට පිළිකාවක් තිබුණා. එයා මාත් එක්ක පුංචි කාලෙ ඉඳලම හිටියා විකුම්. හැම පන්තියකම එකම ළඟ, එකම පේළියෙ වාඩි වුණේ. මටත් වඩා මගේ ගැන, මගේ සිතුම් පැතුම් ගැන එයා දැනගෙන හිටියා. ඉවසගන්න බැරි හිසරදයක් ඇවිත් එයා මෙත්සුවයට ගියේ........ එදයි ඔයා එයාව මුලින්ම දැක්කෙ ..... ඒ සුරංගනාවි ඉස්කෝලේ ළමයි වගයකට කහ ඉරෙන් පාර පනින්න උදව් කරද්දි. දා ඔයා මුලින්ම මාව බලන්න ආපු දවසෙ මං ආවෙ එයාව මුණගැහිලා ...... මං ආවේ ඇස් රතු වෙනකම් අඞලා ...... ඒ එයාට ජීවත්වෙන්න තව ඉතුරු මාස 3 යි කියලා දැනගත්තු නිසා. යාව දාලා මං ආවෙත් නෑවිත් බැරිකමට!
ඔයාගෙ ඒන්ජල් එයයි කියලා දැනගත්තහම මට සතුටුවෙන්න තිබ්බා එයාට ජීවිතයක් තිබුණ නම්. ඒත් ජීවිතයයි - මරණයයි අතර සටනකයි එයා හිටියෙ. ඔයා ගැන එයාට කියලා එයාව රිදවන්නවත්, යා ගැන ඔයාට කියලා ඔයාව රිදවන්නවත් මට ඕන වෙලා තිබුණෙ නෑ විකුම්. එයාට ජීවිතේ ඉතුරු දවස් ගත කරන්න එයාගෙම සැළසුම් තිබ්බා. එයා මරණයට බයවෙලා හිටියෙ නෑ ; මරණය එනකම් බලන් හිටියෙ නෑ. සැහැල්ලුවෙන් ජීවිතය වින්දා. එයයි මට ජීවිතය ගැන ඉගැන්නුවෙ. එයා හරි උතුම්!”
ඔව් ....... ඇයි මට මේ දේවල් කලින් නොකිව්වෙ මායා, ඇයි මේ දුක තනියම වින්දෙ?”
මම අඬන්නෙ නෑ විකුම්. මේ කදුළු උනන්නෙ ඉබේටමයි. ඇහැට ඕ නිසා. හදවතේ වේදනාව කදුළු වලින් මනින්න බෑ.”

මායා ....”
මට සතුටුයි ඔයා එයා ගැන නොහිතපු එක ගැන. ඔයාටත් ලස්සන ලෝකයක්ඇති විකුම්. ජීවිතේ හොයාගන්න. එයා ගැන හොයලා හති වැටුණ දවසට ඔයා එයා ගැන අහන්න මං ළඟට එයි කියලා මං බයේ හිටියෙ. ඔයාට මේ තිත්ත ඇත්ත පහදලා දෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුවයි මම හිටියේ. ඒත් මේ දේවල් එහෙම නොවුණ එක ගැන මට සතුටුයි.”
දුව .... ඔයා මොකද තවම මෙතන? අතන බලාගෙන ඉදලා නැති නිසයි මම ආවෙ. ..... මේ විකුම් පුතානෙ, මට අඳුනගන්නත් බැරි වුණා. පුතා කෙට්ටු වෙලා.”
එතනට පැමිණි මායාගේ මව පැවසුවාය.
හරියට වැඩ ආන්ටි. මම දැනුත් ඔෆිස් යන ගමන් මායාව දැකලා නැවැත්තුවෙ.”
මං දැක්කා පුතාගෙ වාහනේ පාරේ නවත්තලා තියෙනවා.”
ඔව්, මගේ යාළුවා එතන ඉන්නවා. අපි මේ මායාගෙ නැති වුණ යාළුවා ගැන කතා කර කර හිටියෙ.” මායාගේ මව වැරදි වැටහීමක් ඇති කර ගනීදෝයි සිතා බියෙන් විකුම් පැවසුවේය.
අනේ ඔව් පුතා . තරුණ ජීවිතයක්නෙ. මට නම් මතක් වෙද්දිත් වාවගන්න බැහැ. මගේ දුව වකුගඩුව දීලත් ඒ දරුවව බේරගන්න බැරි වුණානෙ!” ඇය කදුළු අතරින් පැවසුවාය.
අයියෝ අම්මා ..... අඬන්න එපා. ක වකුගඩුවෙන් උනත් මම ජීවත් වෙනවනෙ!”

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0