“අම්මෝ මෙයා වැඩ.... වැඩ ඉවරයක් නැහැ. ගෙදර ආවත් වැඩ.” තේ කොaප්පයක් ද රැගෙන මා අසලට පැමිණි පුංචි කීවාය.
“එහෙම තමයි.”
“කාත් එක්කද දැන් කථා කර කර හිටියෙ?”
“විසල් එක්ක.”
“මේඝා .....”
“එයා මගෙ හොඳම යාළුවනෙ පුංචි.”
“ඒත් ඔහොම කතා කරද්දි කොහොමද එයාව අමතක කරන්නෙ.”
“කොහොම හරි අමතක කරනවා පුංචි. අද එයාට ඉන්ට(ර්)විව් එකක්. ඒ නිසයි කතා කරලා විෂ් කළේ.”
“අනේ මන්දා!”
“එයාගෙ ජීවිතේ හැම වැදගත් පුංචි හරි සිදුවීමක් වුණත් මං මතක තියාගන්නෙ හරිම ආශාවෙන්. ඒත් මගෙ ජීවිතේ ගැන එයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ පුංචි.”
“ඔය ඉතින් ..... ආයෙත්.”
“මොකද මන්දා පොඩි පොඩි දේවල් වලින් මට අමුතු විකාර හිතෙනවා. මමම බලාපොරොත්තු අළුතෙන් හදාගන්නවා. ඔෆිස් එකේ අය අපි දෙන්නගෙ නම් පටබැඳලා එක එක දේවල් කිව්වත් එයාට ගාණක් නැහැ. හැමදාම උදේට විශෙaෂයෙන්ම මට විතරක් ගුඩ් මෝ(ර්)නිං කියනවා. කොතනදි වුණත් මං ගැන හොයලා බලනවා. මට පොඩි හරි අසනීපයක් හැදුණත් හොයලා බලනවා. මට එයාට කතා කරන්න ඕන කියලා හිතෙන වෙලාවටම වගේ එයත් මට කතා කරනවා. මගෙ හිත රිද්දන්න එයා කැමති නැහැ. අනේ මට මේ මොකුත් තේරෙන්නෙ නෑ පුංචි. මේක උමතුවක්! මටම දුකයි මං ගැන. මම දන්නවා එයා කවදාවත් මට බලාපොරොත්තු ඇතිවෙන විදිහට හැසිරිලා නැහැ. ඒත් .... මේ ගැන කාටහරි කිව්වොත් හිත සැහැල්ලු වෙයි. ඒත් දැන් නම් සඳූටවත්, තරූටවත්, කෞෂිටවත් මේ ගැන කියන්න බැහැ. මේ තෙරක් නොපෙනෙන ප්‍රශ්නෙ දැන් එයාලටත් වදයක් වෙලා මං නිසා. මමම නෙ විකාර මවාගෙන, ගොඩ නඟාගෙන, කඩාගන්න බැරි තරමට හිතට ඇතුළු වුණාට පස්සෙ ඒවා කඩන්න උත්සහ කර කර අඬලා හිත ඕනවට වඩා රිද්දගන්නෙ! මම දන්නවා මං එහෙමයි කියලා. හැමදේම හොඳින් වෙයි කියලා හිතන්න මට උවමනාවක් නැහැ. හොඳින් වෙයි කියලා හිතාගෙන එහෙම වුණොත් කොහොමද, මෙහෙම වුණොත් කොහොමද, කියලා හිත හිත ඉන්නවා ඇරෙන්න මම වෙන කරන දේකුත් නැහැ.” මම සිනාසෙන්නට උත්සහ දරමින් පැවසුවෙමි. පුංචි මගේ අතින් අල්ලා ගත්තාය.
“කොච්චර දුර හිතුවත්, කොච්චර ප්‍රසිද්ධ පත්තර වාර්තාකාරිනියක් වුණත්, කොච්චර සාර්ථක විදිහට වාර්තා ලිව්වත් ඔයා තවමත් ජීවිතේ තේරුම් අරන් නැහැ. ජීවිතේට ප්‍රශ්න එනවා තමයි පුතේ. ඒත් හැමදේම ප්‍රශ්නයක් කරගන්න එපා.”
“නැහැ පුංචි. තුවාල අළුත් හින්දයි මෙච්චර රිදෙන්නෙ. විසල් මගේ ප්‍රථම ප්‍රේමේනෙ! ඒ නිසයි අමතක කරගන්න අමාරු. ඔයා බලන්නකො තව අවුරුදු ගාණකින් සමහර විට මම මේ ගැන හිත හිත හිනාවෙයි.”
“එපා මේඝා. මං කියන දේ අහලා ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න. බොරුවට හිත රවට්ටගන්නවත්, සනසවගන්නවත් එපා.”
“උත්සහ කරන්නම්.”