ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

විසල් අහසේ උමතු වූ මේඝාව 2 වන කොටස


ඔයා එක්ක නම් කතා කරන්න වටින්නෙ නැහැ මේඝා. ඔයා ඉන්නෙ කොහෙද , කරන්නෙ මොනවද කියලවත් දැනගන්න විදිහක් තිබුණෙම නැහැ. ඔයත් හරියට මේඝාවක් වගේම පාවෙවී යනවා.”
ඔයා තරහෙන්ද කතා කරන්නෙ?”
නෑ. ඒත් මට තරහ යනවා. අද උඹ අර ඉන්ටවිව් එකේදී ටෙලිෆෝන් නම්බර් එක කිව්වෙ නැත්නම් ....”
අම්මෝ එයාලා නම් බේරෙන්න බැරි එවුන් කට්ටියක්. උත්තර දෙද්දි  ගොඩක් පරිස්සමෙන්. එක වචනෙකින් හරි මොනව හරි දැනුනොත් පොටක් අල්ලගෙන අමුතු කතාවක් හදනවා. හරියට අපේ මිතූ වගේ.”
මිතුරුසිංහ ළඟදී මැරි කළා, දන්නවද?”
නෑ! ඒත් පත්තරේ වැඩ කරන කාලෙ මුළු ගෑණු ජාතියටම බැන බැනනෙ හිටියෙ. එයා කිව්වෙනම් කවදාවත් මැරි කරන්නෙ නෑ කියලනෙ.”
පත්තරෙන් අයින්වෙලා කොච්චර කල්ද? ඒත් ඔයාට තවම හැමදේම මතකයි නේද?”
කොහොම අමතක කරන්නද සඳු. ඒ මගෙ ජීවිතේ කොටසක්නෙ.”
ඒ කියන්නේ .........” ඇය පවසන්නට ගිය දෑ ගිලගත්තාය.
ඇයි?”
මොකුත් නැහැ.”
සඳු!”
නැහැ මේඝා ....... දැන් අහන්න ගිය එක මතකත් නැහැ.”
බොරු කියන්නෙපා. ඔයා අහන්න හැදුවෙ විසල් ගැනනෙ.” සැලෙන හදකින් යුතුව මම පැවසුවෙමි.

සමාවෙන්න. ඔයාව රිදවන්න හිතුවෙ නැහැ.”
ඒ ගැන මං තවත් හිතන්නෙ නැහැ.”
ඇත්තටමද?”
ඔයා හිතන්නෙ මං තවත් එයා ගැන හිතනවා කියලද?”
අනේ මන්ද?”
මම හිතන්නෙ නැහැ බං. මේ ....... ඇත්තටම විසල් දැන් මොනවද කරන්නෙ?”
දන්නෙ නැහැ.”
දන්නෙ නැද්ද? සංසාර ගමන දිගයිනෙ.”
ඒ කියන්නෙ ආයෙ මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා?”
අද දවස ගැන විතරමයි මම හිතන්නෙ සඳු. මම සතුටින් ඉන්නෙ ...... විශේෂයෙන්ම මාව කවදාවත් අමතක නොකරන ඔයාලා වගේ යාළුවො නිසා.”
එහෙම නම් මටත් සතුටුයි. උඹව මට බලන්න ආසයි.”
මම ඔෆිස් එකට එන්නම්.”
ඔෆිස් එකට එනවා?”
ඔව් - ඔයාලව බලලා යන්න විතරක් එන්නම්.”
ඇත්තෙන්ම ඔයා සතුටින් නේද?”
හ්ම් ...... ජීවිතේ ගැන කිසිම දුකක් මට නැහැ!”
 

කිසිම දුකක් නැහැ ; පසුතැවීමක් නැහැ ...... ජීවිතය ගැන කිසිම විදිහකින් දොස් පැවරීමක් නැහැයි කිව්වට ...... සැරින සැරේට හදවත පාරන වේදනාව! ඒ ගැන කියන්න 
වචන නැති තරම්. සඳුනි එක්ක කථා කරන හැම වෙලාවකම එයා මාව අරගෙන යන දුර ! නොදැනුවත්වම මගෙ හිත හැමවෙලේම නතර වෙන්නෙ එකම නවාතැනක ...... මං කොච්චර අකමැති වුණත් හැමදාමත් එහෙම්මයි. විවිධාකාර මතකයන් තියෙනවා. සමහර මතකයන් කොච්චර මතක් කළත් මතක් වෙන්නෙ නැහැ ; සමහර මතකයන් කොච්චර අමතක කළත් අමතක වෙන්නෙත් නැහැ. හිතත් එක්ක බැඳීලා තියෙන මතකයන් හරිම සුවිශේෂියි. ඒත් .... කිසිම බැඳීමක් නැති බැඳීමක් අමතක කරගන්න බැරුව හිත වේදනා විඳිනවා. ඉතින් ඒකත් ක්තරා විදිහක උමතුවක් නෙමෙයි ද?
 

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0