ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

විසල් අහසේ උමතු වූ මේඝාව 17 වන කොටස

“මේඝා ..... අද ස්ටුඩියෝ එකට යන්න තියෙන්නෙ ඔයාටයි, විසල්ටයි නේද?”
“මං ටිකක් බිසී. අනේ කෞෂි ඔයා යන්නකො විසල් එක්ක.”
“එයාට තේරිලා ඔයා එයාව මඟ අරිනවා කියලා.”
“ප්‍රශ්නයක් නැහැ.”
“ඔයා බලාපොරොත්තු ඇති කරගෙන එයාව තලන පෙලන එක හරිද?”
“මම එයාට වරදක් කරන්නෙ නැහැනෙ.”
“මොකද නැත්තෙ?”
“අනේ මං විසල්ට වරදක් කරන්න හිතුවෙ නැහැ කෞෂි. ඒත් මට ඕන වුණේ හිත ගලක් කරගන්න. අනික එයාට තේරෙන්න ඕන .... එයා කතා කරන සමහර වෙලාවට මට ගොඩක් සමීප බවක් දැනෙනවා. එයාටත් එහෙම දැනෙන්න  ඕන. අනික මං නොදැන වුණාට එයාට විශේෂත්වයක් දක්වනවා කියලා ඔයාලට තේරෙනව නම් එයාට නොතේරෙන්න විදිහක් නැහැනෙ. එයත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක්නෙ.”
“ඔයා තරහින්.”
“එයාට වෛර  කරලා හරි එයාව අමතක කරගන්න හැදුවෙ. ඒත් මට එහෙමත් බැහැනෙ කෞෂි!”
“ඔයා ඔය විදිහටම ඉන්න මේඝා. ඔය නපුරු ස්වරූපය ඔයාට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නැහැ.”
“හැමදේම අනිත්‍යයි කියලා දැන දැනත් අනිත්‍ය දේවල් වලටම ආස වෙන එක මගෙ මේ හිතට පුරුද්දට ගිහින්. ජීවිතේ මේ පරිජේදය මම අදින් ඉවර කරනවා. මම මේ සේරම අමතක කරනවා. මේ වෙනකම් මේවා කිව්වා විතරයි; අද ඉදන් කරනවා. අමතක කරන්න මම කැමතියි ..... ඒත් හිත කැමති නැහැනෙ! මේ හිත මහා පුදුමාකාරයි. අඩුම තරමෙ මටවත් අවනත නැහැනෙ.”
“මේඝා .....”

“තේරුම් ගන්න බැරි කෙනෙක් එක්ක තේරුම් ගන්න බැරි ජීවිතයක් ගෙවනවටත් වඩා, එයාව තේරුම් අරන් එයා එක්ක තේරුම් ගන්න බැරි ජීවිතයක් ගෙවනවටත් වඩා, මේ දේවල් තේරුම් ගන්න උත්සහ නොකර තේරුමක් ඇති ජීවිතයක් ගෙවන එක හොඳයි!”

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0