කාර්යාලයේ ඉතිරිව සිටියේ මා හා සඳුනි පමණි.
“අපිත් යමුද
මේඝා?”
“හ්ම්.”
“ආ ...... ඔයා අර ලිපියට ඒඩිට(ර්)ගෙන් සයින් ඒක
ගත්තද?”
“ඔව්. ඒවා මිතූටනෙ
බාර දෙන්න ඕන?”
“මිතූට දුන්නත් කමක් නැහැ. තරූ ළඟත් සමහර
ආ(ර්)ටිකල් වගයක් තියෙනවා.”
“මං විසල්ට
දුන්නා මිතූට දෙන්න කියලා.”
“ඒවා මේ සතියෙ පත්තරේ පලවෙන්න ඕන ලිපි. විසල් මිතූට
දෙයි. කොහෙද ඉතින්, ලිපි ටික බාර දුන්නද කියලා ඇහුවොත් ඔළුව වනලා නිකම් ඉඳී.”
“විසල්ද?”
“අපොa ඔව්. එයා කතා
කරන්නෙම නෑ අපි එක්ක. මේ වැඩ සම්බන්ධව හරි කතා කරන්නෙ කෞෂි එක්ක විතරයි. තරූ එක්ක නම්
කතා කරන්නෙම නෑ වගේ. මාත් එක්කත් වචනයයි, දෙකයි.”
“ඇයි ඒ?”
“අනේ මංදා! සමහර විට අපි
තුන්දෙනා මෙතන කෑ ගහද්දි එයාට එපා වෙනවා ඇති. එයා තනියෙම වගේනෙ. සිරිපාලට හැමවෙලේම ලොක්කගෙ කාමරේ වැඩ. මිතූ
කොච්චරවත් ඉන්නෙ එළියෙනෙ. එතකොට ඉතින් කෙල්ලො මැද්දෙ ඉන්න ගියහම එපා වෙනවා ඇති. කොහොමටත් එයා අමුතු
චරිතයක්නෙ!”
“විසල් මාත්
එක්ක නම් හොඳට කතා කළා හිනාවෙවී.”
“බොරු කියන්නෙපා.”
“ බොරු නෙමෙයි
සඳු.”
“උඹ මුලින්ම
කතා කරන්න යන්න ඇති.”
“නෑ. මුලින්
එයාමයි මට ගුඩ් මෝර්නිං කිව්වෙ.”
“බොරු
කියන්නෙපා බං. මෙච්චර කාලයක් අපි එක්ක ඉඳලා අපිට ඔය වචනෙ කිව්වෙ නැති
මිනිහා උඹට කිව්වා!”
“ඔව්. ඔයා මාව
පිළිගන්නෙ නෑනෙ.”
“ඔයාව
නෙමේ මේඝා ....., විසල්වයි විශ්වාස නැත්තෙ. හරි .... හරි ඉතින්. කොහොමටත් උඹ ඔය දසන් දක්වා සිනාසුණහම ඌත් හිනාවෙන්න ඇති. කොහෙද ඉතින් දැන් අපේ ලොක්කගෙත් ප්‍රියතම දැරිවි උඹනෙ!” ඇය සිනාසෙමින්
පැවසුවාය.
“උඹට ජෙලස් නේද?” මා ඇසුවේ විහිළුවටය. සඳූගේ සිත සැබෑ සඳක් මෙන් කැලැල් නැති බව මම දන්නෙමි.
“වැඩේමයි! හා ...... යමු යමු මේඝා. බෝඩිමේ ඇන්ටි බලාගෙන ඇති.”
“යමු. යතුරු ගත්තද?”
“ඔව්.”