“ඒත් ඇයි? ...... මට කියන්න මායා, මම ඔයාගෙන් කරන්නෙ අසාධාරණ ඉල්ලීමක්ද?”
“ඔයාට බැහැ එයාට ආදරේ කරන්න.” ඇය හඞමින්ම පැවසුවාය.
“ඒත් .... ඇයි එයා වෙන කාටහරි ආදරේ කරනවද?”
“නැහැ”
“එහෙනම්?”
“ඔයාට බෑ එයා ගැන හිතන්න.”
“ඒකට මොකක්ම හරි හේතුවක් ඇතිනේ ... ඕ ..... සමහර විට ඔයා එයාගෙ යාළුවා නිසාද? අපි දෙන්නම එකතු වෙලා එයාට පැහැදිලි කරලා
දෙමු. මං එයාට කොච්චර ආදරෙයිද කියලා ඔයා එයාට කියන්න.”
“මම එහෙම කරන්නෙ නෑ විකුම්. කවදාවත් එහෙම කරන්නෙ නෑ. එයා මට මගේ ජීවිතේ වගේ ..... මට ඉන්න හොඳම යාළුවා. ඒ වගේම මං එයාට ආදරෙයි ...... මං ඔයාටත්..... ඒ නිසා මං ඔයාට උදවු කරන්නෙ නෑ. ඒ දේ කරන්න මම ඔයාට ඉඩ දෙන්නෙත් නෑ .....” මායා සිය කදුලැළි පිස දමාගනිමින් ස්ථීරසාර හඬකින් පැවසුවාය.
විකුම් දෙවන වරටත් නිරුත්තර වූවේය. ඇය එක එල්ලේම ඔහු දෙස බලා සිටියාය. ඒ දෑස් දෙස ඔහු බැලුවේය. ඒවාහි කිසිදු චංචල බවක්
නොවීය. එහි වූයේ දැඩි අධිෂ්ඨානයක් පමණි. ඔහුගෙන් - ඇයව .... සුරදූතියව වෙන් කරවන බවට....
“මට ..... මට හිතාගන්නවත් බැහැ. තමුසෙ මාර ආත්මාර්ථකාමියි. තමුසෙ හිතන්නෙ ඒන්ජල්ව මගෙන් ඈත් කළහම මාව ලබාගන්න පුළුවන් කියල
නම් ...... ඒවා කවදාවත් සැබෑ නොවන හීන. මම ඔයා මෙහෙම කෙනෙක් කියලා හිතුවෙ නෑ මායා. පහුගිය දවස් ටිකේ ඒන්ජල්ට වඩා ඔයා මගෙ
ජීවිතේට සමීපයි කියලා මම හිතුවෙ. ඒත් .... හහ්ඃ ..... ඒ සේරම තමුසෙගෙ මායම්!” ඔහු කෑ ගසා පැවසුවේය.
“මිස්ට. ප්ලීස් යන්න..... පේෂන්ට කරදර කරන්න එපා.” එතනට පැමිණි හෙද නිළධාරිණියක් පැවසුවාය.
“විකුම් ....... මොකද මේ, සද්දෙ ඇහිලා මං දුවගෙන ආවෙ ...... යමං ... යමං.” කල්ප තම මිතුරාට පැවසුවේය.
“කල්ප ..... මේකි ..... මේකි ....”