ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

Read More

මායා

...
Read More

මතක මන්දිර

...
Read More

විසල් අහසේ උමතු වූ මේඝාව

...
Read More

වියවුල් සේයා රූ

...
Read More

මිහිදුම් පවුරු

...

මතක මන්දිර තුළට පෙරවදනක්..................


මව් කුස තුළ ජීවය ලැබූ දා පටන්ම අප සමඟම එන මතකයන්, අප අත් හැරියද අපව අත් නොහරිනා මතකයන්, සුන්දර වූ මෙන්ම අසුන්දර මතකයන්, අමතක කළ යුතු වූත් අමතක නොවන මතකයන් සේම කොපමණ මතක් කළද අමතකව යන මතකයන්..... එවන් වූ, මෙවන් වූ මතකයන් රැසක් සමඟ අපි ගොඩ නැඟී ඇත්තෙමු.
එවන් මතකයන් සමඟ පොර බඳිමින් ජීවිතයේ යථාර්තය අවබෝධ කර ගන්නට, මතකයන් පරයා ජීවිතය ජයගන්නට උත්සහ දැරූ “සන්හිඳ”ගේ සහ “අසනි”ගේ මතක මන්දිර තුළ සැරිසැරූ මතකයන් ඔබ හමුවේ ජීවමාන කරන්නට මා ගත් උත්සහයක් ලෙස “මතක මන්දිර” ඔබ වෙත ගෙන එන්නෙමි.
ඉතින් කියවා බලා ඔබේ අදහස් අප සමඟ ‍බෙදා ගැනීමටත් ඔබ සැමට ආරාධනා!




Read More

"වියවුල් සේයා රූ"


ජීවිතය මේ යැයි අර්ථ දැක්වීමට අපි අත්දැකීම් ලද්දෝ නොවෙමු. එනමුත් අපි සැවොම ජීවත්වන්නෝ වෙමු. හැඟීම් , වගකීම් , යුතුකම් නිසාවෙන් විවිධ වූ බන්ධනයනට ලක් වූ තරුණ හදවත් වියවුල් සේයා රූ අතර තම ජිවිත වලට නව අරුතක් සොයන අපුරුව විස්තර කිරීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිඵලයක් වන මෙම “ වියවුල් සේයා රූ” E - ක්ෂිතිජය ; ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිහින අසපුවේ පළවනා නවතම නවකතාව ලෙසින් ඔබ වෙත ආදරයෙන් පිළිගන්වන්නෙමු. ඉතින් සැමදාම මෙන් කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආදරණිය ආරාධනා!

මෙයට, 
ඉෂාරා පෙරේරා
කාටත් හොරා ... මටත් හොරා
සිතෙහි ලැගුම් ගත්
‘ප්‍රථම ප්‍රේමය’
දරන්නට බැරිය... කිමද අරුමය
සසල වෙයි සිත සසර පුරාවට
සිනාසුණමුත් කතාකළ මුත්
නොසිතුවෙමි සිත සසල වූ බව
ඔබේ බැල්මට වශී වූ විට
හැඳින්නෙමි සිත ඔබට ලැදි බව
මිතුරුකමකට එහා යන්නට
ඔබෙන් මා හට වරම් නැතිකොට
මලට පෙම්බැඳි සමනළිය මම
නිහඬ වූවෙමි සුවඳ විඳගෙන
දිවිය ඇති තුරා
සසර පුරාවට
හිඳිමි ඔබ හා සිත් බැඳී මම
නිමා වූ මුත් මගේ ප්‍රේමය
සදාකාලිකයි ප්‍රථම ප්‍රේමය
නමුත් අවැසිය මගේ සිත මට
සොයා යන්නට සැබෑ නිදහස
ඔබව නොසිතෙන අනන්තයකට
දමා එන්නට ප්‍රථම ප්‍රේමය!
                                    -Ishara-
                                    -වියවුල් සේයා රූ-


Read More

වියවුල් සේයා රූ

E "ක්ෂිතිජය" හි පලවන මීලග නවකතාව වියවුල් සේයා රූ ලගදීම 
බලාපොරොත්තු වන්න 

Read More

"සුභ අලුත් අවුරුද්දක් වේවා" E "ක්ෂිතිජය" අපෙන් සුභපැතුම්


Read More

විසල් අහසේ උමතු වූ මේඝාව අවසාන කොටස

ඇරඹුමකුත් නැති, අවසානයකුත් නැති ආදර කථාවක මම දෝලනය වෙවී තවමත් ජීවත් වෙද්දී කොහොමද සම්පූර්ණ වෙච්ච ආදර කථාවක් ලියන්නෙ? ජීවිතේ අතඇරලා දැන් අවුරුදු හතරක්. එදා අඳුරු දවසෙදි හොස්පිට්ල් එකේදි  විසල්ව දැක්කට පස්සෙ අයෙ නම් මම එයාව දැක්කෙ නැහැ. එයාව නොපෙනෙන දුරකට ආවට එයාව මගෙ හිතෙන් පන්නලා දාන්න  තවමත් මට බැරි වුණා. එදා කාටවත් නොකියා මම එන්න ආවා. අඩුම තරමෙ පුංචිගෙ අවසන් කටයුතු වලටවත් මම හිටියෙ නැහැ. තෙරක් නොපෙනෙන විවිධාකාර මිනිස්සුන්ගෙන් පිරිච්ච පුදුමාකාර කොළොම්පුරය අත ඇරලා මේ පුංචි නගරෙට ආවෙ ඇයි කියලා මටවත් තවම හිතාගන්න බැහැ. දැන් මං මටවත් නොතේරෙන ප්‍රහේලිකාවක් වෙලා. ආවට පස්සෙ මම සඳූට කතා කළා ..... ඒකම එක පාරක්. මං උන්නද මළාද නොදැන හිත් බොරුවට වද වෙනවා බලාගෙන ඉනන බැරි කමට. සඳූ, තරූ, කෞෂි හැමදාමත් මගෙ ළඟින්ම ඉන්න බව මම දන්නවා. කතා කරපු වෙලාවෙ මම විසල් ගැන වචනයක්වත් එයාලගෙන් ඇහුවෙ නැහැ. එයාලත් මට ගැන කිව්වෙ නැහැ. මගේ ඇස්වලට කඳුලක් දෙන්න බැරි නිසා වෙන්න ඇති. එයාලා මොනවා නොකිව්වත්, මං විසල්ගෙ ජීවිතේ වටිනාම වස්තුව නොවුනත් , මහ මෙරක් තරමට නැතත් චුට්ටක්වත් සමහරවිට එයා මට ආදරය නොකළත් ....... එයා මං ගැන  ගොඩා.... ක් හොයන්න ඇතියි කියලා මම දන්නවා.

වෙලාවකට මට මං ගැනම දුක හිතෙනවා. මට හිතෙනවා විසල්මම යන්නදකියලා අහපු වෙලාවෙ එයාව නවත්තගන්න තිබුණ නම් කියලා..... අනේ, මං එක පාරක් හරි එයාට කිව්ව නම්මං ඔයාට ආදරෙයිකියලා .... ඒත් දැන් නොවෙච්ච දේවල් ගැන හිතලා වැඩක් නැහැ. හැමදේම වෙන්නෙ හොඳටලුනෙ. දැන් වුණත් මම ජීවිතයට දොස් පවරන්නෙ නැහැ. විසල් කියපු නිසාම මම අඬන්නෙ නැතුව ඉන්න උත්සහ කරනවා. ඒත් එහෙම තත්පරයක් හොයාගන්නත් නැති තරම්. මම අඬන්නෙ කලකිරීමට නෙමේ, දුකටත් නෙමෙයි. හේතුව මං වත් දන්නෙ නැහැ. නමුත් මං මේ ජීවිතේ ගැන තෘප්තිමත්. විසල්ව නොලැබුණාට නම් මට දුකක් නැහැ. මොකක්දෝ වෙන් කරලා අඳුනගන්න බැරි බැඳීමකින් මම එයාට බැඳිලා. තවමත් මං එයාට ආදරෙයි. විසල් අහසක තනි මේඝාවක් කියන්නෙ පුංචි තිතක් වුණාට තවමත් මේඝාව අයිති අහසටයි. සමහර විට විසල්ගෙ ලෝකයට දැන් තවත් ජීවිත එකතු වෙලත් ඇති. මට විසල්ව නැහැ. කවදත් මගෙ හිතේ හිටපු, මගෙ හිතේ ඉන්න විසල්ට හැමදාමත් මම ලෙන්ගතුයි.
 
සල්ලි කියන්නෙ ජීවිතේ නොවුණට ජීවත් වෙන්න සල්ලිත් නනෙ. මං දන්න එකම ශිල්පය ලිවීම විතරයි. පොත් ලියලා අතට මුදල් ගත්තට, මුදල් වෙනුවෙන්ම මම පොත් ලියන්නෙ නැහැ. කවදත් මම ප්‍රසිද්ධියට අකමැතියි. හැමෝම අහනවා වගේ මගේ ආදර කථාව මගේ අතින් නොලියවේවි. මාස කිහිපයක අත්දැකීම් විතරක් වුණාට , අත්දැකීම් මාව අනන්තයකටම රිද්දුවත් මගේ ලෝකයනෙ. හැමදාමත් මං මතකයන්ට ආදරය කරාවි. මේ මතකයන් මගේ වුණාට මම පොත ලිව්වොත් හැම මතකයකින්ම එයා දැන ගනීවි මම ආදරය කළේ එයාටයි කියලා. ලොකූ දේවල් නොවුණට දේවල් අමතක කරන්න තරම් එයාගෙ හිත කුරිරු නැහැ කියලා මං තවමත් මගේ හිත රවට්ට ගන්නවද කොහෙද කියලත් මට හිතෙනවා. ඇත්තටම බැඳීම් කියන්නෙ වේදනාවක්ගොඩක් ලොකු වේදනාවක්.
පොත මම ලිව්වොත් ගැන කියවලා අදහස් දක්වන එක පාඨකයා සතුයිගොඩක් අය කියාවි මේඝා ජයසුන්දර පව් කියලා, තවත් අය කියාවි විසල් මේඝාට ආදරය කළයි කියලා. තව අය කියයි තවත් එක පොතක් විතරයි කියලා, තව අය කියාවි මේඝා විසල්ව අමතක කළ යුතුයි කියලා. කවුරු මොනවා කිව්වත් මගේ මතකයන්ගෙන් පිරිච්ච මේ ලෝකය මට සදාකාලිකවම සුන්දරයි. මතකයන් එක්ක මම ඉන්නෙ සතුටින්. ඒක එක්තරා විදිහට උමතුවක් තමයි. සදාකාලික උමතුවක්! නමුත් දැන් මම ජීවත්වෙන්නෙ ආශාවෙන්. මට දැනෙනවා මම ජීවත් වෙනවා කියලා ...... තවමත්!

මිහිරි වූත්,
අමිහිරි වූත්,
සැනසුම , විරහවද වූත්
කඳුලත්, සුසුමත්, සතුටත් 
තෙමංසලක් අතර fදාaලනය වන්නා වූ,
මතකය
අමතක කරන මඟ ; අමතකව ගිය කල්හි
? ? ? ..........
මතක මන්දිර තුලම සැරිසර
සොයන්නෙමි  අමතකව ගිය මඟ.”

   විසල් වූ  අවකාශය දෙස බලාගෙන මම මටම මුමුණා ගත්තෙමි.






නිමි.
Read More

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0