ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

විසල් අහසේ උමතු වූ මේඝාව 15 වන කොටස

“ඇයි විසල් ඊයෙ, පෙරේදා ඔෆිස් නාවෙ?”
“ට්‍රිප් එකක් ගියා.”
“ට්‍රිප් එකක්? අනික මෙච්චර වැඩ තියෙද්දි?”
“හැමවලේම වැඩ වලම ඇලිලා ඉන්න පුළුවන්ද මේඝා. ජොලියක් තියෙන්න ඕන.”
“නිවාඩු දාලා නෙමෙයිනෙ ගියේ. අන්න ලොක්කට හොඳටම තරහ ගිහින්.”
“කවුද එයාට කියන්නෙ මම ට්‍රිප් එකක් ගියා කියලා. සනීප  නැතිවෙලා අම්මා ඉස්පිරිතාලෙ හිටියයි කියනවා.” විසල් සිනාසෙමින් පැවසුවේය.
“ඔයා පුදුම කපටියි විසල්! හොඳයි මං ගිහින් ලොක්කට ඇත්ත කිව්වොත්?”
“ඔයා එහෙම කරන්නෙ නැහැ.”
“හරි මොනවද ඔට්ටු?”
“ඔයා ඉතින් මගෙ යාළුවනෙ.”
“කවුද කියන්නෙ?”
“ඇයි එහෙම නෙමෙයිද?”
  මම සිනාසුණෙමි.
“මම දන්නවා ඔයා මට කැමතියි කියලා.”
“වැඩේමයි!”
“හා නැද්ද?”
“ඒ ... ඒක නෙමෙයි. අර ප්‍රමෝෂන් එක ගන්න එග්සෑම් එකට ලියන්නෙ නැද්ද?”
“ලියන්නත් ඕන.”
“මොකක්ද විසල් ඕනවට එපාවට ඒ ගැන කතා කරන්නෙ? ඒක ලැබුණොත් කොච්චර වටිනවද?”
“ඉතින් ඔයා ඒ එග්සෑම් එක ලියන්නකොa.”
“මට වඩා ඔයාටයි අත්දැකීම් වැඩි. ඇයි විසල් හැමවෙලේම මෙහෙම කරන්නෙ? ජීවිතය ඔහේ ගෙවනවට ගෙවෙන්න දෙන්න ඒපා. ජීවිතේට තේරුමක් තියෙන්න ඕන. ඇයි මේ  විදහට ජීවිතය නාස්ති කරගන්නෙ?”
“සල්ලි කියන්නෙ හැමදේම නෙමෙයි.”
“මං දන්නවා. මං දැන් සල්ලි ගැන කියෙව්වද? මං කියන්නෙ ජීවිතේට ඕන විදිහට ඔයා හැඩගැස්සෙන්නෙ නැතුව ඔයාට ඕන විදිහට ජීවිතය හදාගන්න.”
“හරි මැඩම්. මං උපරිම ප්‍රතිඵල අරන් ඔයාට පෙන්නන්නම්කො. ඔයා බලාගෙන ඉන්නකො මගෙ නම හැම පත්තරයකම පළවෙනකොට.”
“ඇත්තට!”

“ඔව් - බොරු නෙමෙයි.”

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0