විශාල රොaහල් කොරිඩෝවේ කොනක වූ එක බංකුවක මම ගුලිවී සිටියෙමි. කවුරුන්වත් ළඟ පාතක නැත. පුංචි අවසන් හුස්ම හෙලා දැන් පැය කිහිපයක් ගතවී තිබිණි. ඇයගේ සැමියා ඇයගේ අවසන් කටයුතු පිළිබඳව සොයා බැලීමට රොaහලෙන් දැනටමත් පිටවී ගොසිනි. ඇයගේ නෑදෑ පරපුරද පිටවී ගොස්ය. සිටියේ මා පමණි. මා දුටු විට ඇගේ මුවේ ඇති වූ සිනා රැල්ල මට කිසිම විටෙක අමතක නොවනු ඇත. ඒ සිනාව මුවෙහිම රඳවාගෙන ඇය දෙනෙත් පියා ගත් හැටි! නැවතත් මා තනිවූයේ නොවේද?
ඇය වෙනුවෙන් දැන් මා හට කළ හැකි එකම දේ නිවන් සුව පැතීමයි. ජීවිතය මෙතරම් කුරිරු ඇයි? මම හැඬුවෙමි. ඇතිවන තුරු හැඬුවෙමි. හඬන්නට තව කඳුළුත් නැත. හැඬෙන්නේ දුකට නම් ; කඳුළු උනන්නේ දුකට නම් ඇසෙන් කඳුලක් නාවේ මුත් හදවතේ දුක රැඳෙන්නේ ඇයි?
මේ මොහොතේ සුපුරුදු අඩි ශබ්දයක් ඇසී මගේ සිත චංචල විය. මම දෑස් ඔසවා බැලීමි. විසල් පැමිණ සිටියේය. ඔහුත් මාත් අතර වූයේ හිස් අවකාශය පමණි. මම සෙමෙන් සෙමෙන් ඔහු දෙසට පය එසවීමි. මගේ දෙපා අප්‍රාණිකව ගියාක් මෙනි. මම වැටෙන්නට ගියෙමි. විසල් ඉදිරියට පැමිණ මා අල්ලා ගත්තේය. මම ඔහුගේ උරයට වාරුවීමි. ඔහුගෙන් ඈත්වීමට මට අවශ්‍ය වූවත් එසේ කිරීමට, මගේ හිතට විරුද්ධව නැඟී සිටීමට ශක්තියක් හොa ශක්තිමත්ව නැඟී සිටීමට ගතට සවියක් හොa මට නොතිබුණි. මම තවත් හැඬුවෙමි.
“මේඝා ....” ඔහු කථා කළේ සහන් ස්වරයකිනි.
“අඬන්න එපා” ඔහු නැවතත් පැවසුවේය.
“ඇයි විසල් මටම මෙහෙම වෙන්නෙ?”
“ගතානුගතික විදිහට හිතන්න එපා මේඝා. හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ. ඔයාමයි මට කිව්වෙ ජීවිතේට ඕන විදිහට හැඩ නොගැහී අපිට ඕන විදිහට ජීවිතේ හැඩ ගස්සව ගන්න කියලා. ඒත් ඉතින් හැම වෙලාවකම අපිට ඕන දේවල්ම ලැබෙන්නෙ නැහැ. සමහර දේවල් අපි ළඟම තිබිලත් අපිට අහිමි වෙනවා. ඉතින් එහෙම වුණයි කියලා අපිට ජීවිතේ අත අරින්න බැහැනෙ. සමහර විට අපි ජීවිතේ අත ඇරියත් ජීවිතේ අපිව අත අරින්නෙ නැහැ! ඔයා තුලින් මං දැක්කෙ වෙනස්ම පුද්ගලයෙක්ව. හරිම චාම්, සරල, වෙනස් විදිහකට හිතන හරිම සාමාන්‍ය ගෑණු ළමයෙක්ව. මේ ලෝකෙ මම ගොඩාක් ආදරය කරන එකම ගෑණු ළමයා, මගෙ හොඳම යාළුවා. අඬන්න එපා කවදාවත්. කවුරු නිසාවත් ඔයා අඬන්න හොඳ නැහැ. මට පොරොන්දු වෙන්න.”
මම කිසිත් නොපැවසුවෙමි.
“නාඬා ඉන්න බැහැ මට. දුක දැනෙද්දි ඇඬෙනවා. හැමදේම ඉවසගන්න පුළුවන් ගල් හිතක් මට නැහැ. ඔයත් එක්ක ඉන්න මේ නිමේෂය ඇති මට ජීවිත කාලෙටම කඳුළු උනන්න!”
මගේ සිතුවිලි දැහැන බිඳලමින් ඔහු නැවතත් කථා කළේය.
“මම අද ඔයාව හොයාගෙන එහෙන් පිටත් වුණේ හරිම සතුටින්. ඔයාගෙ වදේටම වගේ මම එදා ගිය ඉන්ට(ර්)විව් එක මම පාස්. ඒක කියන්නයි මම ආවෙ. මඟදි මිතූ මට කෝල් කරලා ඔයාට වෙච්ච කරදරය කිව්වා.”
“විසල් ....”
“මට ප්‍රමෝෂන් එක ලැබුණා මේඝා. ඒක වෙනුවෙන් මට පිටරට යන්නත් වෙලා තියෙනවා. මම ...... මම යන්නද මේඝා?”
“ඔයාව නවත්තන්න මට අයිතියක් නැහැනෙ විසල්.”
“ඇත්තටම මම යන්නද?”
“මම විසල් අවකාශය තුල තනි මේඝාවක් විතරයි!” එසේ මුමුණමින් මම ඔහුගේ උරතලය මත නැවතත් හිස හොවා ගතිමි.