මම මහජන පුස්තකාලයට ගියෙමි. විසල් එහි සිටීවි යැයි මගේ සිත කිව්වාය. නමුත් මට ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් නොවිණි. පොත් තේරීමට ගිය මොහොතේ ඔහුව දුටු විට මට දෙනෙත් අදහාගත නොහැකි විය. මම සෙමෙන් සෙමෙන් ඔහු අසලට පා තැබුවෙමි. පොත් කිහිපයක්ම සියතට ගෙන ඒ අතරින් එක් පොතක් තෝරා ගැනීමට නොහැකිව දඟලන ඔහු දැක මට නිතැතින්ම සිනහ පහළ විය.
“තවම එකක් තෝරගන්න බැරි වුණාද? මම සිනහව අතරින් ඇසුවෙමි.
“මේඝා ඔයා? පොත් ගන්න ආවද?”
“හ්ම්.”
“මම ...... මම අර පැත්තට ගිහින් පොතක් තෝරනවා. යන්නම් හොඳෙa.” නැවතත් විසල් හට පැවසූ මම එතැනින් පිටවී ආවෙමි.
වෙනදා මෙන් නොව සුදුසු පොතක් තෝරා ගැනීමට තරම් ආසාවක් හොa උවමනාවක් මා තුළ නොවිණි. කෙතරම් වේලාවක් මම එකම රාක්කය අත ගාමින් සිටියෙම් දැයි නොහැඟෙa.
“පොතක් තෝරලා ඉවරද?” විසල් මගේ ළඟට පැමිණ ඇසුවේය.
“න්.... නෑ. ඔයා ගත්තද?”
“ඔව්.”
“එහෙමනම් ඔයා යන්න විසල්. මට තව වෙලා යයි.”
“කමක් නැහැ මම ඔයා එනකම් ඉන්නම්.” විසල් පැවසූ විට තවත් සුළු මොහොතක් මා නරඹමින් සිටි පොත් රාක්කය දෙසම බලා සිටි මම එයින් එක් පොතක් සියතට ගත්තෙමි.
“හරි යමු.”
“මේඝා. අපි ටිකක් අර පරණ පත්තර තියෙන හරියටත් යමුද? සමහර විට අර ලොක්කා කිව්ව සිද්ධියෙ අතීතය ගැන විස්තර හොයාගන්න පුළුවන් වෙයි.”
“ආ .... අර 97 වෙච්ච ම(ර්)ඩ(ර්) එක ගැනද? ඔයාට හෙට නේද ඒ ආර්ටිකල් එක බාර දෙන්න තියෙන්නෙ?”
“මොනවා කරන්නද හලෝ. සේරම අර බඹා කොටපු හැටි තමයි. මගෙ මුළු ජීවිතේම මේකටම නැහෙන්න වෙයි වගේ!” විසල් පැවසූ විට මම සිනාසුණෙමි.
“ෂ් ..... මේක පුස්තකාලයක් හරිද? වැඩිය සද්ද කළොත් අපි දෙන්නවම එළවලා දායි.” විසල් පැවසුවේය.
අපි බොහොa වේලා ඔහුගේ ලිපියට අවශ්‍ය කරුණු සෙව්වෙමු. පැයක් පමණ අප පුස්තකාලය තුළ සිටින්නට ඇත.
“ආයෙ ගෙදර යන්නෙ කවදද?” පුස්තකාලයෙන් පිටතට පැමිණි වහාම ඔහු ඇසුවේය.
“සෙනසුරාදා.”
“තනියමද?”
“නැහැ. තරූ යන්නෙත් අපේ පාරෙ බස් වලමනෙ. එයත් එක්කම යනවා.”
“ආ .... ඔව්මයි නේද? ඒත් මං හිතුවා තරූ නුවර පැත්තෙ යයි කියලා.” විසල් සිනාසෙමින් පැවසුවේය.
“ඇයි ඒ?”
“අමතකද අර අද උදේ පත්තරේට මංගල යෝජනාවක් දාන්න නුවර ඉඳන් ආපු කොල්ලා තරුෂිව දැකලා මාව බඳිනවද කියලා ඇහුවෙ!”
“ඒක නම් නියම විහිළුව විසල්. කවදාකවත් අමතක වෙන එකක් නැහැ. හැබැයි තරූට නම් තරහ ගියා.”
“ඇත්තද?”
“එහෙමනම් මම යන්නද? පරක්කු වෙලා.”
“හා.”
ඔහුගෙන් සමුගෙන මම යාමට සැරසුණෙමි. මම අඩි 3 – 4ක් පමණ ඇවිද ගියෙමි. විසල් නැවතත් මට කතා කළේය. මම හැරී ඔහු වෙතට ගියෙමි.
“ඇයි?”
“නෑ .... ඔයා කවදද ගෙදර යනවා කියලා කිව්වෙ?”
“සෙනසුරාදා.”
ඉන්පසු ඔහු කිසිවක් පැවසුවේ නැත ; මම ද නිහඞව සිටියෙමි. චණ්ඩ හිරු රැස් මගේ මුහුණට පතිත වන්නට වූයෙන් එක එල්ලෙa ඔහු දෙස බලා සිටීමට මට නොහැකි විය. මම මගේ සිතට සිතෙන්ම තරවටු කරගනිමින් ඔහුගෙන් සමුගෙන පැමිණියෙමි.