ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

මායා 9 වන කොටස

මාස කිහිපයකට පසු........
පාළු සොහොන් පිටිය මහා මූසල බවක් ඉසිලීය
. අහසද කළු වළාවන්ගෙන් බරව පැවතිණි. එක් එක් ප්‍රමාණවල උසට නැගී සිටි සොහොන් කොත් තේජමාන බවක් ඉසිලීය. ඒත් ඒ කොත් වලට යට වූ ජීවිත ....... කෙතරම් නිශ්චලද? අවිවේකීව ගලායන තම ජීවිතයටත් ආලෝකයක්, නිහඬ බවක් ....... සතුටක් අවැසි යැයි විකුම් සිතුවේය. ඇත්තෙන්ම ඔහු එය බලාපොරොත්තුව සිටියේය. ශබ්ද නංවමින් ඇදී යන රථ වාහන පෙළේ ඝෝෂාකාරී ශබ්දයෙන් පීඩාවට පත් නොවී ඒ ආත්මයන් සොහොන් තුළ සැතපෙන ආකාරය! ඒ මායාව! හදිසියේම ඔහු එක් රුවක් දුටුවේය ...... ඒ සොහොන් කොත් අතර ජීවමාන රුවක් ......
කල්ප ... වාහනේ අයිනට කරලා නවත්තපන්. ඉක්මණට.” විකුම් කලබලයෙන් පැවසුවේය.
හරි ....... හරි, ඉඳපන් පනින්නෙ නැතුව. ඒත් ඇයි මෙතන .......” කල්පගේ පැනය යොමු වෙන්නටත් මත්තෙන් ඔහු වාහනයෙන් බැස සොහොන් පිටිය තුළට දිව ගියේය.

ඇය ඉටිපන්දම දල්වා නැඟී සිටියාය. ඒ නෙතු නැවතත් කදුළින් පිරී තිබිණි. නමුත් ජීවිතේ අවිනිශ්චිතය. උපදින සැමටම මැරෙන්නට වනවා නියතය. කලකින් අසා නුපුරුදු එනමුත් සුපුරුදු හඬකින් තම නම පිටවනු ඇයට ඇසිණි. හදවත නැවතත් චංචල විය. ඇයට තවමත් ඔහුව මතකය!
ඔයා ඇයි මෙතන?” ඇය ආපසු නොහැරීම ඇසුවාය.
මට සමාවෙන්න.”
එවර ඇය හැරී බැලුවාය.
සමාව ගන්න ඔයා මට වරදක් කරලා නැහැනෙ විකුම්.”
ඒත් එදා මං ඔයාට කතා කළ විදිහ ගැන මට තවම මං ගැන තරහයි.”
මම ඒක එදාම අමතක කළා.”
මාස 4ක්ම ගියා ...... ඔයා සතුටින්ද ඉන්නෙ මායා?”
එහෙම ඉන්න උත්සහ කරනවා.”
ඔයා දැන් කසාඳ  බැඳලද?
නැහැ යෝජනා නම් ආවා. ඒත් මට ඒවා ප්‍රතික්ෂේප කරන්න  තරම් හේතු තිබුණා.”
මම ..... මම අදටත් දන්නෙ නැහැ අපේ යෝජනාව ඇයි කැඩුනෙ කියලා. එදා මං හිටියෙ හරිම තරහෙන්. මම ගෙදර ගිය ගමන් යෝජනාවට අකමැති බව කියන්න හිතාගෙන හිටියත් මම ගෙට ගොඩ වෙද්දිම ඒ යෝජනාව එපා කියලා අපේ අම්මම කිව්වා. ඒ ඇයි කියලා මම අදටත් ඇහුවෙ නැහැ.”
ඒක එහෙම වෙන්න ඇතියි කියලා මම හිතුවා.”

ඇයි?” විකුම් කුතුහලයෙන් යුතුව ඇසුවේය.

Social Profiles

Twitter Facebook Google Plus LinkedIn RSS Feed Email Pinterest

කතුවැකිය

E-“ක්ෂිතිජය” - ඉමක් නැති ඉසව්වක නිමක් නැති සිතුම් අසපුව

වෙහෙස වන හැල්මේ දුවන ජීවිත ගමනේ විඩාව මදකට හෝ දුරුකර ගනු වස් වරෙක මනෝ මන්දිර තුල සැරිසැරූ මොහොතක මාගේ සිත තුල ඉපදුන චරිත වලට ජීවය පෙවීමට ගත් පුංචි උත්සාහයක ප්‍රතිපලයක් ලෙස “E-“ක්ෂිතිජය” ඔබ ඉදිරියට ගෙන එමි. කියවා බලා ගුණදොස් පිළිවිසින්නට පාඨක ඔබ සැමට ආරාධනා !

- ඉෂාරා -

Copyright © E "ක්ෂිතිජය" | Powered by Blogger
Design by Lizard Themes - Published By Gooyaabi Templates | Blogger Theme by Lasantha - PremiumBloggerTemplates.com

google.com, pub-2907226750246742, DIRECT, f08c47fec0942fa0