‘සවිය’ පුවත්පතෙහි වර්ෂ පූර්ණය වෙනුවෙන් කුඩා උත්සවයක් අපේ ආයතනය තුළ පැවැත්විණි.
“මොකද විසල් අපි අස්සෙම කැරකෙන්නෙ?” කෞෂි විසල්ගෙන් ඇසුවේ උපහාසයෙන් මෙනි.
“ඇයි ඔයාලා මං ගැනද රහස් කතා කරන්නෙ?”
“අපි කා ගැනවත් රහස් කතා කරන්නෙ නෑ හරිද? ඔයා තමයි ඕන දේටයි, එපා දේටයි හැමදේටම හැමතැනකදිම .......”
“අපොa ...... මේකිගෙ කට! එක විනාඩියක්වත් කට පියාගෙන ඉන්න බැරිද සඳුනි.”
“අපි ඉතින් මේඝා වගේ තැන්පත් ළමයි නෙමෙයිනෙ විසල්!” තරුෂි පැවසුවාය.
“මේ...... එයාට මොකුත් කියන්න එපා.”
“මොකද උඹ හැමවෙලේම එයාටම සපො(ර්)ට් කරන්නෙ?” මෙසේ අසමින් මිතුරුසිංහ අප අසලට පැමිණියේය. ඔහු ඇසූ දෙයින් විසල් අපහසුතාවයට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි.
“ඇත්තටම උඹ මොකද මේ කෙල්ලෝ ගොඩේ කරන්නෙ?” මිතූ නැවත ඇසුවේය.
“නෑ මචං. අපිත් ආසයිනෙ ටී.වී එකේ අපේ ෆොටෝ එක දම්මගන්න. ඒත් මේ කැමරා හැමවෙලේම හැරෙන්නෙ කෙල්ලන්ගෙ පැත්තට. ඒකයි මාත් මෙතනට ආවෙ.” විසල් පැවසුවද අනෙක් අය විසල් මෙතනට පැමිණියේ මා නිසා යැයි ඔහුට විහිළු කළහ. නමුත් මම ඔහු පිළිගනිමි.
දිවා ආහාරයෙන් පසු මම ඒ මොහොතේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නික්මුණු ඒ ගීතය තුලට සම වැදී සිටියෙමි.
මලක් වුනේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ ඉසින
එනමුදු සිප ගන්නට තහනම්.
විලක් වුනේ ඇයි නුඹ මට - ජීවිතයට සිසිල දෙවන
දිය දෝතක් බොන්නට තහනම් .....
“මොනවද ඔයාට තහනම්?”
“විසල් .... එක පාරටම පිටිපස්සෙ ඉඳන් කෑ ගහපුවම මම බය වුණා.”
“සොරි හොඳෙa.”
“ඒකට කමක් නැහැ.”
“අත අල්ලන්නකො.”
“මොකක්ද?”
“ඔයාගෙ අත දික් කරන්නකො.”
මම අත දිගු කළෙමි. ඔහු මගේ අත්ල මත පෑනක් තබා සිය අතින් වසාගෙන ඔහුගේ අත්ල මගේ අත්ල මතින් සෙමෙන් සෙමෙන් ඉවත් කරගත්තේ මගේ අත්ල සෑම මතුපිටක්ම ස්පර්ශ වන සේය. ඔහුගේ මැඳගිල්ල මගේ මැඳගිල්ලෙන් ඉවත් වෙද්දී මට දැණුනේ ජීවිතය ගිලිහී ගියා සේය.