ඇසෙන් කඳුළු ගලාවිත් ඇස් ඉදිමී රතුවන තුරුම මම හැඬුවෙමි.
“මේඝා ... මොකද ළමයො, අඬනවද?”
“නෑ.”
“බොරු කියන්න ඕන නැහැනෙ. ඇයි ඔය? විසල් නිසාද?”
“නැහැ.”
“අපි විසල්ට මේ ගැන කියන්නද?”
“එපා සඳූ.”
“විසල් හරි අමුතු කෙනෙක් මේඝා. එයා ඔයා ගැන ඉන්ට(ර්)රසට් නම් මේ වෙද්දි ඒ ගැන දැනෙන්න ඕන. එහෙමත් නැතුව ..... ඔයාට දුක් දෙන්න කියනවා නෙමෙයි. ඒත් ඒ බව ඔයා තේරුම් ගන්න ඕන.”
“මම දන්නවා.”
“මොනවා වුණත් විසල් අපි හැමෝටම වඩා ඔයත් එක්ක එකතු බව ඇත්ත. ඒ නිසා .....”
“එපා සඳූ. මට පොරොන්දු වෙන්න මගෙ ආදරය ගැන කවදාවත්ම විසල්ට කියන්නෙ නැහැ කියලා. එයා මට ආදරේ කළොත් මට සතුටුයි. නැත්නම් හිත හදාගන්නවා. මම කවදාවත් ඒ ආදරේ බලෙන් ඇතිකරගන්න යන්නෙ නැහැ. මොහොතක සතුටට වඩා ජීවිතේ වැදගත්. මට පොරොන්දු වෙන්න.”
“ඔයා මුරණ්ඩුයි මේඝා.”
“අනේ පොරොන්දු වෙන්න සඳූ.”
“හරි ප්‍රෝමිස්. ටික දවසකට නිවාඩු දාලා ඔයා ගෙදර යන්න මේඝා. හිතට ටිකක් හරි සැනසීමක් දැනෙයි. මෙහෙ ඉන්න ඉන්න ඔයාට විසල්ව දවස ගානෙ දකින්න ලැබෙනවනෙ.”
“ඔව්. ඕනම ප්‍රශ්නෙකට විසඳුම්, සැනසීම හොයාගන්න ගෙදරින් පුළුවන්. ඒත් හිතේ තියෙන පටලැවිලි ගතිය ලිහන්න කාටවත් බැහැ. ආදරයක් ඇතිවෙන එක සාමාන්‍යයයි. ඒත් මේ දේවල් තේරුම් ගන්න මම පොඩි වැඩියි කියලා හිතෙනවා. අප්පච්චි මං ළඟ ඉන්නවානම් කියලා හිතෙනවා. මගේම ගෙදර යන්න බැහැ මට. අම්මවයි, අප්පච්චිවයි මතක් වෙනවා. පුංචිලගෙ ගෙදර ගිහින් හැමදාමත් පුංචිට කරදර කරන්නත් හිතෙන්නෙ නැහැ. කොහොමටත් මේ ප්‍රශ්නෙදි විසඳුම් හොයන්න ඕන මං මයි නේද?”
“ඔව් සුදූ. සුබවාදීව හිතන්න. අනික විසල් කියන්නෙ කවුද? හැමවෙලේම සැහැල්ලුවෙන් හිතන ජීවිතේ බරක් පතලක් ගැන නොහිතන කොල්ලෙක්. ඒ වගේ කෙනෙකුට ඔයා වගේ ගැඹුරින් හිතන කෙනෙක් ගැලපෙන්නෙ නැහැ. කවදාහරි ඔයාට ගැලපෙන හොඳ කොල්ලෙක් ඔයාට ලැබෙයි.”
“ඇත්ත. ආදරයක් නොදැනුන කාලෙ මම කොච්චර සතුටින් සැහැල්ලුවෙන් හිටියද? ආදරය කරන්න ඕන ආදරය වටින කෙනෙකුට!”