ඇය එහි
යනවිටත් සොහොන් කොත ඉදිරිපිට පහන් දැල්වී තිබිණි. ඔහු එය අසල
සිටියේය.
“විකුම් .... ඔයා?”
“මම බලාපොරොත්තු වුණා ඔයා අදත් කොයි මොහොතක හරි මෙතනට එයි
කියලා”
“ඇයි?”
“ඒක දෙයක් මට හරිම පැටලිලි සහගතයි මායා. එයාට පිළිකාවක්
තියෙනවයි කියලා ඔයාලා කලින් දැනගෙන හිටියා නම්, එයා කොහොමත්
මැරෙන්නයි හිටියෙ කියලා ඔයාලා දන්නව නම් ..... ඇයි ..... ඇයි ඔයා එයාට
වකුගඩුවක් දන් දුන්නෙ? මම .... මමත් කාටහරි හොඳක් වෙනව නම් කැමතියි තමයි. ඒත් ඔය වගේ
පරිත්‍යාගයක් .......... ඒ පරිත්‍යාගයෙන් වැඩක් නොවන බව දැන දැනත් මම නම් කවදාවත් එහෙම නොකරාවි. මට එහෙම
කරන්නත් බැහැ.”
ඇය සිනාසුණාය. නමුත් කිසිවක්
නොපැවසුවාය.
“ඔයා මහ පුදුම කෙල්ලෙක්. මට
හිතාගන්නවත් බැහැ ඔයා ගැන. අනේ මන්දා ....... පිස්සු කෙල්ල!”
“ඔයාට ඒවා තේරෙන්නෙ නෑ විකුම්.”ඇය සිනාසෙමින්
පැවසුවාය.
“ඉතින් තේරුම් කරන්න . විහිළු නෙමෙයි
මායා .... මට ඇත්තටම දැනගන්න ඕන ....... මේක ඔයාගෙ ජීවිතේ!”
“ඔව් - ඒත් මට ජීවත් වෙන්න තව ඕනතරම් කාලයක් තියෙනවා. ඒත් එයාට
තිබුණෙ මාස 3යි ..... වකුගඩුවක් නරක්වෙලා නිසා එයාට ඒ කාලයත් අහිමි වෙන්න ගියෙ. ඒත් එයාගෙ බලාපොරොත්තු
අමිලයි ..... කාලයට නවත්තන්න බැහැ. මට එයාට
ජීවිතයක් දෙන්න ඕන වුණා. මම ඒක කළා. ඒත් එයා අන්තිම කාලෙ ගෙව්වෙ මගෙ
වකුගඩුවෙන් බව එයාවත්
දැනගෙන හිටියෙ නෑ. ඒත් නැතිවෙච්ච දේට වඩා ආත්ම තෘප්තියක් මං ලබා ගත්තා. ඔයාට ඒක
දැනෙනවද විකුම්?”
“ආයේ ජීවිතේට වත් කිසිම දවසක මම ඔයාට ඔහොම පරිත්‍යාගයක්
කරන්න දෙන්නෙ නෑ.” විකුම් කෝපයෙන් ඉවත බලාගෙන පැවසුවේය.
“ආයෙ මං කරන්නෙත් නෑ. මටත්
බලාපොරොත්තු තියෙනවා. මමත් ලෝබයි මගේ ජීවිතේ ගැන!” අහිංසකව
සිනාසෙමින් ඇය පැවසුවාය.
මේ මොහොතේම
ඔහුගේ ජංගම දුරකථනය නාද විය.
“කියපන් කල්ප”
“කොහෙද මැට්ටො ඉන්නෙ? උදේ ඉදන් කතා කරන්න
ට්‍රයි කරන්නෙ. ඔෆිස් එනවා
කියලා ගෙදරින් ඇවිත් කොහෙද ගියෙ. කෝටි පහක ඩීල් එක සයින්
නොකර ...... අන්න අමුත්තෝ බලන් ඉදලා
යන්න ගියා. බලපන් කොච්චර පාඩුවක්ද වුණෙ. අංකල්ට යකා නැඟලා. ඉන්න තැනකින්
වරෙන්.”
“මට ඒ පාඩුව දැනෙන්නෙ නෑ කල්ප. ඒ මං ජීවිතය
හොයන් ආපු නිසා ..... “
මෙසේ පැවසූ
විකුම් දුරකථනය විසන්ධි කර දැම්මේය.
“ඔයාට මං වෙනුවෙන් තවත් එක පරිත්‍යාගයක් කරන්න පුළුවන්ද මායා ....... මටත් ජීවත් වෙන්න ඕන. ඔයා මගෙ ජීවිතේට ආපු දවසෙ ඉඳන් මම ජීවත් වුණා ....... මම ඔයාට වෛර කළා. ඒත් දැන් මට
ආදරය කරන්න ඕන. මට ඔයාව ඕන. මායා. මං ජීවිතේ හොයා ගත්තා!” ඇයගේ දෑතම ගෙන, ඒ දෑත මත රන්
මුදුව තබමින් ඔහු පැවසුවේය. ඇගේ දෑස් නැවතත් බොඳ වී ගියේය. ඒ බොඳ වූ දෑස්
තුළින් ඇය ඔහුගේ දෑස් වල වූ පැහැදිලි බලාපොරොත්තුව දුටුවාය. ඒ නම්
මායාවක් නොවන්නේමය!
නිමි.