දෙවැනි දිනයේදී මරදානේ සිට පැමිණෙන ප්‍රථම
බස් රථය අල්ලාගත් මම කාර්යාලය වෙත පිටත් වුණෙමි. සිතුවාටත් වඩා
වේලාවකට කලින් එහි ළඟා වීමට මට හැකි විය. මෙවන් වූ මාර්ග පද්ධති වැජඹේවා! කාර්යාලයේ සිටියේ
විසල් පමණි. මම ඔහු හා සිනාසුණෙමි.
“ගුඩ් මෝර්නිං
මේඝා”
“ගුඩ් මෝර්නිං.” මම සිනාසී සුභ
පැතුවෙමි. වෙන මොනවා කියන්නද?
“ඉතින්?” ඔහු ඇසුවේය. මා කුමක්
පවසන්නද? ඔහුගේ පැහැපත් මුහුණ දෙස මම බලා සිටියෙමි. යන්තමින්
කැරකුණු විදුලි පංකාවට කැරකී ආ කැරලි ගැසුණු කෙස් රොදක්
ඔහුගේ නළල මත නැවතුණේ අමුතුම ආකර්ශනීය බවක් ඔහු
වෙත රඳවමිනි. ඔහු හා මම කුමක් කථා කරන්නද?
“ඔයාගෙ නම
මොකක්ද?” වාර්තාකාරිනියක ලෙස වදන් ගළපන මට ඔහුගෙන්
ඇසීමට වෙන පැනයක් තිබුණේම
නැද්ද! මා ඇසුවේ මෝඩ පැනයකි.
“ඇයි දන්නෙම
නැද්ද?” ඔහුගෙන් මට ලැබුණේ නියම පිළිතුරයි. එය අසා මට ද
සිනා පහළ විය. නමුත් ඔහුට දෙවෙනි විය හැකිද?
“දන්නවා. ඒත් මුළු නමම
දන්නෙ නෑනෙ.” එය පෙරටත් වඩා මෝඩ කියමනකි.
“විසල්
දිවිසේකර.” ඔහු පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
“කොච්චර කාලයක් ඔයා මේ පත්තරේ වැඩ කරනවද?”
“හිතෙන තරම්
කාලයක්. වැඩ එපා වුණහම අයින් වෙනවා.”
“අයියෝ ..... එහෙම නෙමෙයි
විසල්. කොච්චර කාලෙක ඉඳන් ඔයා
මෙහෙ වැඩ කරනවද?”
“මාස 3යි. ඔන්න දැක්කනෙ
මැඩම්, ප්‍රශ්න අහන්න ඕන හරිම
පරිස්සමෙන්. ඒ වගේම තමයි ලියන්න ඕනත් හරිම පරිස්සමෙන්. මේ පෑන් තුඩ
කඩු තුඩකට සමානයිලුනේ!”
“හ්ම්. වටිනා කියමනක්. මං ඉතින් ඔයා
තරම් පරිණත නැහැනෙ.”
“මට නම්
හිතෙන්නෙ තවමත් මාත් මේ රස්සාවට කොaඩුකාරයි. දවසින් දවස
අපිට මේ හැමදේම ඉගෙන ගන්න වෙන්නෙ අපේම අත්දැකීම්
වලින් තමයි.”
“ඒක නම් ඇත්ත.”
“කිසිම දෙයක්
ලියන්න බයවෙන්නෙපා මේඝා. මේඝාවක් වගේ ඔයාගෙ සිතුවිලි වලට පාවෙලා යන්න ඉඩදෙන්න. හැබැයි ඒ ඔයාට ඕන
විදිහට. වෙන කාටවත් ඕන විදිහට
පාවෙලා යන මේඝාවක් වෙන්න එපා කවදාවත්ම!” ඔහු පැවසුවේය. මම සිනාසුණෙමි. අනේ.. විසල් කොච්චර හොඳද?