“එක අතකට ඔයා ඒ ගැන එච්චර කලබල වෙන්න Tsන නැහැ විකුම්. මට දැන් ඔයාව
හොදටම තේරෙනවා. ඒ නිසාම මම දැන් ඔයාට කැමති වෙන්න පටන් අරන් ..... , ආදරේ කරන්නත් පටන් අරන් ඒ නිසාම මම ඔයාගෙන් wEත් වෙනවා.” දෑස් තදින්
පියාගෙනම මායා පැවසුවාය. විකුම් නිරුත්තර වූවේය.
“මට මේක කියන්න ...... මායා, ඔයා ඇත්තටම මට ආදරෙයිද?”
“ඔයාගෙ ඒන්ජල්ට කලින් මාව ඔයාට හම්බවුණා නම් මමත් ඔයාට
ආදරය කරයි. ඒත් දැන් එහෙම නෑ ...... ඔයාගෙ ජීවිතේ මට ඉඩක් නැහැනෙ!”
“ඔයා විහිළුවක්ද කළේ? ඇත්තටම මට
මොකුත් හිතාගන්න බැරිවුණා.”
මේ මොහොතේ ඇය
ඇතුළු වූවාය. වෙනදා මෙන්ම ඇය සුදෝ සුදු වතින් සැරසී සිටියාය. ඔහු අසලටම
පැමිණි ඇය මායාගේ ඇඳෙහි පසෙක වාඩි වූවාය.
“මම යන්නම්. අනේ රත්තරං ...... පරිස්සම් වෙන්න. ඔයා දන්නවනෙ
මම ඔයා ගැන වද වෙන තරම ගැන ....” මායා දෙසට
නැඹුරු වූ ඇය ඇගේ නළලත සිප යන්නට ගියාය. ඇය පවනක් සේ පැමිණ පවනක්
සේම පිටවී ගියේ යැයි ඔහුට සිතිණි. මෙය ස්වප්නයක්ද ........... නැතිනම් සැබෑවක්ද?
“විකුම් ..... එයා තමයි මගෙ හොඳම
යාළුවා. මං ජීවිතේ දැනගත්තේ එයාගෙන්. මට සමාවෙන්න
එයා ඔයා එක්ක කතා නොකළ එක ගැන. අපි අතර රහස් නෑ. එයා ඔයා ගැන
හැමදේම දන්නවා. ඒත් එයා තරහෙන් ඉන්නෙ ඔයා ගැන. ඔයා මට කැමති
නොවී ඒන්ජල් කෙනෙක් පස්සෙ යන එක ගැන. ඒ පිස්සි හිතන් ඉන්නෙ
මං ඔයාට කැමතියි කියලා. එයා ......”
මෙතෙක් වේලා
ඇයගේ දෑතෙහි පැටලී තිබූ ඔහුගේ දෑඟිලි ගිලිහී ගියේය. ඇසිල්ලකින්
ඔහු පිටතට දිව ගියේය. නමුත් ඒ වන විටත් ඇය පිටවී ගොස්ය. එබැවින් ඔහු නැවතත්
පැමිණියේය.
“ඔයා ඇයි එකපාරටම ගියෙ? මම හොදටම බය
වුණා.”
“මායා ......ඔයා නම් මේක විශ්වාස කරන එකක් නැහැ.” ඔහුගේ කටහඩ
තීව්‍ර විය. ඒ වදන් වලින් සතුට උතුරන බව ඇය දුටුවාය. නමුත් ඇයි? ඇගේ සිත
භීතියෙන් වෙළී ගියේය. සමහර විට ....... සමහර විට......
“මායා ...... මෙච්චර දවසක් මම හොයපු ඒන්ජල් වෙන කවුරුත්
නෙවෙයි...... ඔයාගෙ යාළුවා.” විකුම්
සතුටින් පැවසුවේය.
“ඒත් .....” ඇගේ දිව ගොළු විය. පවසන්නට එකදු
වදනක් හෝ තමා සතු නොවන බව ඇයට හැඟී ගියේය.
“ඔයා මෙච්චර දවස් මං ළඟින්ම හිටියා වගේ මට ඉස්සරහටත් උදව්
කරන්න ....... මගෙ ජීවිතේ හොයාගන්න.” ඇය වෙතටම
නැඹුරු වී ඔහු පැවසුවේය.
“මට බැහැ.”