“හායි මැඩම්.” විසල් මා අසලට
පැමිණ වාඩිවූවේය. මම කිසිත් නොපැවසුවෙමි.
“මොකද කරදරයක වැටිලා වගේ.” ඔහු නැවතත් ප්‍රශ්න
කළේය.
“කරදරයක් තමයි
විසල්. හිතාගන්න බැහැ මේ
ආර්ටිකල් එක ලියද්දි කාගෙ පැත්තක් ගැන සාධාරණව හිතන්නද
කියලා.”
“මාධ්‍යවේදියෝ අපක්ෂපාතී විය යුතුයි.”
“දන්නවා විසල්. ඒත් මේ හැම සිද්ධියක් පිළිබඳවම අපිටම අනන්‍ය වෙච්ච
දැක්මක් තියෙන්න ඕන නේද?”
“ඔව්. ඔයා හරි.”
“ඒත් මේක
තේරුම්ගන්න බැහැ.”
“ඔය අර 77 කොළනියෙ වෙච්ච ම(ර්)ඩ(ර්) එක ගැනද? ගෑණු කෙනාගෙ
මතය ඔතනදි හරි. පිස්සෙක් එක්ක ජීවත්
වෙනවට වඩා එයාවත් මරාගෙන මැරුණ එක.”
“ඔයා හිතන්නෙ
එයා හරි කියලද?”
“නැත්නම්? ඔතන තියෙන්නෙ ආදරය සමඟ සම්බන්ධ ප්‍රශ්නයක්. තමන් ආදරය කරන කෙනා මානසික රෝගියෙක් වුණත් ඒ ගෑණු කෙනාට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් එයාට ඉවසන්න බැරිව ගියා සමාජය එයාගෙ ආදරවන්තයට සලකන විදිහ. මේ සංසාර ගමන නවත්තන්න හිතාගෙනයි එයා ඒ පිළිවෙත අනුගමනය කළේ. ඔන්න මේඝා සැබෑ ප්‍රේමය!”
“සැබෑ ප්‍රේමය කියන්නෙ ඒක නෙමෙයි විසල්. එයා ඒ උන්මන්තකයට ඇත්තටම ආදරය කරනවානම් එයාට තිබ්බා ඒ මනුස්සයව ජීවත් කරවන්න. එයාට සමාජය කියන දේවල් ප්‍රශ්නයක් නොවිය යුතුයි. එයා ඇත්තටම ආදරෙයි නම්. අනික ඒ පිස්සගෙ ලෝකය වෙලා තිබ්බෙ ඒ ගෑණු කෙනා විතරයි; අනිත් අය නෙමෙයි.”
“ඒක හරි තමයි. ඒත් මිනිස්සු ආදරයෙදි අසරණ වෙන වෙලාවල් තියෙනවා.”
“නෑ විසල්. මම නම් හිතන්නෙ ආදරය කියන්නෙ ලොකූ ශක්තියක්. ආදරය කරන අය කාටවත් බය වෙන්න අවශ්‍ය නෑ.”
“මේ..... ඔයා ඔය හිතන විදිහට මේ ලෝකෙ දිහෑ බලන්න බැහැ.” ඔහු පැවසුවේ තරමක් ආවේගකාරීවය.
“ඇයි?” මම සිනාසෙමින් ඇසුවෙමි.
“ඔයා මගෙන්ම අහන්නෙ, නිකමට හරි ඔයා අනිත් අයගෙනුත් අහලා බලන්නකො. මේඝා ..... හීන ලෝකෙ ජීවත් වෙන්න අපි හැමෝම ආසයි. හැබැයි හීනයයි, යථාර්ථයයි සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක් .......; කවදාවත්ම යා කරන්න බැරි!” ඔහු පැවසූ එම වදන් මගේ හදවතටම ඇසිණි. වේදනාව ..........
“මොකද
ගොළු වෙලා?”
“හරි හරි විසල්. අපි දෙන්නා ඔය හින්දා රණ්ඩු වෙන්න ඕන නැහැනෙ. අම්මෝ..... දැන් නම් ඔයාගෙ කට හොඳටම වැඩියි හොඳද?”
“එහෙම තමයි. මාධ්‍යකාරයෙක්ගෙ අත වැඩ කරන තරමට කටත් වැඩ කළ යුතුයි.”
“ඔක්කොම දැන් තමයි. ඉස්සර නම් කට හෙල්ලුවෙවත් නැහැයිලු.”
“කවුද කිව්වෙ?”
“කවුරු හරි.”
“මම දන්නවා ඉතින්. අර තුන්දෙනාගෙන් කෙනෙක්නෙ කියන්න ඇත්තෙ.”
“කවුරු කිව්වත් කතාව ඇත්තනෙ!”
“මුලදි මම ඔය ගෑණු ළමයි එක්ක කතා කළේ නෑ තමයි.”
“ඇයි?”
“අපොa .... පොඩ්ඩක් ඇත්නම් ඇති එයාලා කරේ නඟින්න එනවා.”
“වැඩේමයි මෙයා වගේ කෙනෙක්ට කැමතිවෙන්න! ඔයාට ආදරය කළොත් කරන්නෙ මං වගේ පිස්සියෙක් තමයි!” මම සිතුවා මිස කියන්නට ගියේ නැත.